අප ගැන

චෙතිහාසික පසුබිම

ක්‍රි.පූ. 3 වන ‍ශතවර්ෂයේ සිට ක්‍රි.ව. 1815 දක්වා ගැනෙන රාජාණ්ඩු කාලයේ “මහ මොහොට්ටි” නම් නිලධාරියෙක් රාජකීය ලේඛනාගාරය භාරව කටයුතු කළ බව 19 වන ශතවර්ෂයේ “හේ මැක්ඩොවල්” විසින් ලියන ලද විසත්රයක සඳහන් වේ.

ක්‍රි. ව. 1640 දී ලන්දේසීන් විසින් ගාල්ලේ දී ආරම්භ කරන ලද ලේඛනාගාරය 1656 දී කොළඹට ගෙන එන ලදුව 1796 දක්වා පැවතුණි. ක්‍රි.ව. 1656 සිට 1796 දක්වා ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කළ ලන්දේසීන් විසින් ලංකාවට ක්‍රමානුකූල ලේඛනාගාරයක් හඳුන්වා දී තිබුණි. ක්‍රි. ව. 1901 දී “ලේඛනාරක්ෂක” තනතුර ඇතිකරන ලද අතර ලේඛනාගාරය යටත්විජිත භාර මහ ලේකම්ගේ විෂය පථය යටතට පත්කරන ලදී. “රාජ්‍ය ලේඛනාරක්ෂක” තනතුර 1947 බ්‍රිතාන්‍ය යුගයේ දී ආරම්භ කරන ලදී. ලංකාව නිදහස ලැබීමෙන් පසු “1973 අංක 48 දරණ ජාතික ලේඛනාරක්ෂක පනත” ක්‍රියාගත වූ අතර ඒ සමග මෙම දෙපාර්තමේන්තුව “ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව” වශයෙන් නම් කරන ලදී.

අරමුණු හා කර්යයන්

1973 අංක 48 දරණ ජාතික ලේඛනාරක්ෂක පනත සහ 1981 අංක 30 දරණ ජාතික ලේඛනාරක්ෂක පනත (සංශෝධන) පනත අනුව අරමුණු හා කර්යයන් පහත පරිදි වේ.

  1. රාජ්‍ය ලේඛනවල භාරකාරත්වය දැරීම හා ඒවායේ භෞතික තත්ත්වය ආරක්ෂා කිරීම

  2. පර්යේෂණ හා විමර්ශන කාර්යයන් සඳහා ඒවා ලබාදීම

  3. රාජ්‍ය ආයතන වල ලේඛන සමීක්ෂණය

  4. ජනාධිපති අධිලේඛනාගාර පරිපාලනය හා විමර්ශන සේවාව

  5. මෙරට ප්‍රකාශයට පත්කරන ප්‍රකාශනවල නීතිමය තැන්පතු කෝස්ටාගාරය ලෙස කටයුතු කිරීම

  6. ලේඛන කළමණාකරණය සහ සංරක්ෂනය පිළිබඳ පුහුණු වැඩමුළු පැවැත්වීම

  7. මුද්‍රණාල, මුද්‍රණාලකර‍ැවන් හා ප්‍රකාශකයන් සහ පුවත්පත් සම්බන්ධ ආඥාපනත් ක්‍රියාත්මක කිරීම

  8. පෞද්ගලික ලේඛන එකතුව සංරක්ෂණය හා නාමාවලිගත කිරීම

ව්‍යවස්ථා සහ රෙගුලාසි

ව්‍යවස්ථා

  1. 1973 අංක 48 දරණ ජාතික ලේඛනාරක්ෂක නීතිය
  2. 1981 අංක 30 දරණ ජාතික ලේඛනාරක්ෂක (සංශෝධන පනත)

රෙගුලාසි

  1. රාජ්‍ය ලේඛන පරිශීලන රෙගුලාසි
    1978/12/15 වැනි දින අංක 15 දරන රජයේ ගැසට් පත්‍රය
  2. කොමිසම් සභා ලේඛන පරිශීලන රෙගුලාසි
    1980/02/01 වැනි දින අංක 74 දරන රජයේ ගැසට් පත්‍රය
  3. අධිකරණ ලේඛන අපහරණ රෙගුලාසි
    1979/01/26 වැනි දින අංක 21 දරන රජයේ ගැසට් පත්‍රය
  4. කච්චේරි ලේඛන අපහරණ රෙගුලාසි
    1980/07/25 වැනි දින අංක 99 දරන රජයේ ගැසට් පත්‍රය
  5. රජයේ කාර්යාලවල ක්‍රමචර්යා හෙවත් පොදු ලේඛන අපහරණ රෙගුලාස
    ි 1984/09/31 වැනි දින අංක 99 දරන රජයේ ගැසට් පත්‍රය
  6. රාජ්‍ය ලේඛන අපහරණය පිළිබඳ පරිපාලන රෙගුලාසි
    ආයතන සංග්‍රහයේ 28 වැනි පරිච්‍‍ඡේදයේ 9:1 ජී වගන්ති
  7. පර්යේෂණ කාමරයේ නීතිරීති මාලාව



ඉහලට