පර්යේෂණ කාමරය

පර්යේෂණ සඳහා පැමිණෙන පාඨක පිරිස සඳහා ලේඛන පරි‍ශීලනයට අවශ්‍ය පහසුකම් මෙම අංශය මගින් ලබාදෙනු ලැබේ. ලේඛන කාණ්ඩ සඳහා සෙවීම උපකෘත, සාරාංශ සහ සංක්ෂිප්ත, සුචිපත්‍ර, ලැයිස්තුව සහ අනිකුත් යොමු ක්‍රම වලින් සමන්විතය.

ලේඛනවල තොරතුරු ලබාගැනීම

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් ආවෘත නොව රාජ්‍ය ලේඛන මහජන පරිශීලනය සඳහා විවෘත කරනු ලැබේ. ඇතැම් ආවෘත ලේඛන මහජන පරිශීලනය සඳහා ලබාගැනීමට එම ලේඛන නිර්මාණය කළ ආයතනවල බලධාරීන්ගෙන් අවසරය ලබාගතයුතුය.

පර්යේෂණ / කියවීම් ශාලා පහසුකම්

  1. සිංහල දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පත් සඳහා කාලානුක්‍රම සහ අකාරාදී සුචි

  2. පර්යේෂකයන් තමන් විසින්ම පර්යේෂණය කළයුතුය.

  3. පර්යේෂණ ක්‍රම, අධිලේඛන ඉදිරිපත් කිරීම සහ සෙවීම උපකෘත භාවිතය පිළිබඳව ලේඛනාගාරයේ නිළධාරීන් උපදෙස් ලබාදෙනු ඇත.
ඉහලට