Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව අංශය තොරතුරු මහජන සම්බන්ධතා අංශය

මහජන සම්බන්ධතා අංශය

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ කෝෂ්ඨාගාරවල තැන්පත්ව ඇති අධිලේඛන සහ ප්‍රකාශන උපයෝගිකරණය මගින් විවිධ සමාජ, ආර්ථික, දේශපාලන, ඓතිහාසික සාහිත්‍ය හා සංස්කෘතික වටිනාකමකින් යුත් තොරතුරු සමුද්ධරණය කර ගැනීමේ අපේක්ෂිත අරමුණෙන් පැමිණෙන දෙස් විදෙස් මහජනයාට ඇවැසි කලට ඒවා ලබා දීමෙන් දෙපාර්තමේන්තුව හා මහජනයා අතර කෙරෙන සම්බන්ධීකරණ ක්‍රියාවලිය සිදු  කරනු ලබන්නේ මහජන සම්බන්ධතා අංශය මගිනි. මහජන සම්බන්ධතා නිලධාරි විසින් මෙම සම්බන්ධීකරණ ක්‍රියාවලිය මෙහෙය වනු ලබයි.

  • විවෘතව තබන වේලාවන් - පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා
  • මුදල් ගනුදෙනු  - පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා
  • රජයේ නිවාඩු දිනවල වසනු ලබන අතර ඊමේල් සහ ෆැක්ස් සබඳතා පැය 24 තුළම ක්‍රියාත්මක වේ.

මහජන සම්බන්ධතා අංශය මගින් ඉටු කරන ලබන සේවාවන්

  • පර්යේෂණ සහ නෛතික කටයුතු සඳහා පැමිණෙන පර්යේෂකයන්ට/මහජනයාට ලේඛන පරිශීලනය සඳහා අවසර පත්‍ර ලබා දීම.
  • මහජන අවශ්‍යතා සඳහා අදාල අයදුම්පත්‍ර සහ උපදෙස් පත්‍රිකා නිකුත් කිරීම සහ උපදෙස් ලබා ගැනීම සඳහා සුදුසු නිලධාරියෙක් වෙත යොමු කිරිම.
  • ලේඛනවල උධෘත ලබාගැනීම සඳහා පහසුකම් සැලසීම.
  • ලේඛන වලින් තොරතුරු සෙවීම් කිරීම සහ එයින් සහතික පිටපත් ලබාදීම.
    • ලන්දේසි තෝම්බු (18 වනසියවස)
    • රජයේ සන්නස් (1802-1931)
    • රජයේ ගැසට්පත්‍ර (1802 සිට මේ දක්වා)
    • උපත්, මරණ හා විවාහ පිළිබඳ තොරතුරු (පුස්කොළ පොත්) (1806- 1867)
    • ඉඩම් නිරවුල් කිරීමේ ලේඛන (1867 – 1900)
    • ධාන්‍ය බදුපොරොන්දු ලේඛන (1880- 1892)
    • විහාර හා දේවාලගම් ලේඛන (1856- 1870)
    • සේවා භුක්ති ලේඛන ( 1870-1872)
    • ජන්දහිමි නාමලේඛන (1965 – 1992, කොළඹ දිස්ත්‍රික්කය සහ වෙනත් දිස්ත්‍රික්ක සඳහා)
    • පනත් (1949 සිට මේ දක්වා)
    • ආඥාපනත් (1870- 1950)
    • පුවත්පත් (1832 සිට මේ දක්වා)
  • නෛතික කටයුතු සඳහා එසේ ලබාදෙනු ලබන ලේඛන සඳහා උසාවියේ සාක්ෂි ලබාදීම.
  • 1976 වසරේ සිට මේ දක්වා ඇති පුවත්පත් සහ රජයේ ගැසට්පත්‍ර වල උධෘත (ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් රැගෙන එන පිටපත) සහතික කිරීම
  • පැමිණෙන මහජනයාගේ අවශ්‍යතාවයන් දෙපාර්තමේන්තුවේ දී ඉටු කළහැකි නම් ඊට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම එසේ නොමැති නම් අදාල වෙනත් ආයතන වෙත යොමු කිරීම.

 

ඉල්ලුම් පත්‍ර බාගතකරගැනීම

අවසන් යාවත්කාලීන කිරීම 2014 දෙසැම්බර් 09 වෙනි අඟහරුවාදා, 10:06  

සොයන්න

ලියාපදිංචි පොත්, සඟරා, ප්‍රවෘත්ති පත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර

ලේඛනාගාරය භාරයේ පවතින ලේඛන

ජාතික ලේඛනාගාරය භාරයේ පවත්නා ඇතැම් වාර්තා කාණ්ඩ ගැන අගනා විස්තරයක් මෙහි දැක්වේ.

අළුත්ම ඡායාරූප එකතුව

අප‍ගේ අළුත්ම ඡායාරූප බලන්න.

තෝම්බු දර්ශකය

පෘතුගීසීන් විසින් සම්පාදනය කරන ලද, "සිංහල රජවරුන්ගේ ලේකම් මිටි" පදනම් කරගත්, ලියාපදිංචි ලේඛන හෙවත් තෝම්බු.

ඔබගේ අදහස් දක්වන්න

ඔබගේ පැමිණිලි ඇතොත් අදම ඉදිරිපත් කරන්න.

ප්‍රකාශන

ප්‍රකාශනවල අළුත්ම මිල ගණන් දැනගැනීම සඳහා

කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.