Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව අප ගැන හැඳින්වීම

හැඳින්වීම

දැක්ම

ජාතික අනන්‍යතාවය, වගවීම සහ ස්මරණය සුරක්ෂා කිරීම උදෙසා ලිඛිත උරුමය කාර්යක්ෂමව කළමනාකරණය සහ සංරක්ෂණය.

මෙහෙවර

ජාතියේ ඉතිහාසය හා සංස්කෘතිය පිළිබිඹු කරන පොදු අධිකාරිවල සාක්ෂිමය ලේඛන සහ පෞද්ගලික ලේඛන ක්‍රමානුකූලව කළමනාකරණය සහ සංරක්ෂණය.

අරමුණු හා කාර්යයන්

1973 අංක 48 දරණ ජාතික ලේඛනාරක්ෂක පනත සහ 1981 අංක 30 දරණ ජාතික ලේඛනාරක්ෂක (සංශෝධන) පනත අනුව අරමුණු හා කාර්යයන්.

  1. රාජ්‍ය ලේඛනවල භාරකාරත්වය දැරීම හා ඒවායේ භෞතික තත්වය ආරක්ෂා කිරීම.
  2. පර්යේෂණ හා විමර්ශන කාර්යයන් සඳහා ඒවා ලබාදීම.
  3. රාජ්‍ය ආයතනවල ලේඛන සමීක්ෂණය.
  4. ජනාධිපති අධිලේඛනාගාර පරිපාලනය හා විමර්ශන සේවාව.
  5. මෙරට ප්‍රකාශයට පත්කරන ප්‍රකාශනවල සහ පුවත්පත් වල නීතිමය තැන්පතු කෝෂ්ඨාගාරය ලෙස කටයුතු කිරීම.
  6. පෞද්ගලික ලේඛන එකතුව සංරක්ෂණය හා නාමාවලිගත කිරීම.
  7. රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ පුද්ගලයන්ට ලේඛන සංරක්ෂණය සදහා සහය වීම .
  8. පූජ්‍ය ස්ථානවල ලේඛන සංරක්ෂණය.
  9. ලේඛන කළමනාකරණය සහ සංරක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුළු පැවැත්වීම.
  10. මුද්‍රණාල, මුද්‍රණාලකරුවන් හා ප්‍රකාශකයන් සහ පුවත්පත් සම්බන්ධ ආඥාපනත් ක්‍රියාත්මක කිරීම.

නීති පැනවීම සහ රෙගුලාසි

නීති

  1. 1973 වර්ෂයේ අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂණ පනත.
  2. 1981 වර්ෂයේ අංක 30 දරන ජාතික ලේඛනාරක්ෂණ (සංශෝධන) පනත.
  3. 1973 වර්ෂයේ අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂණ පනත යටතේ පනවන ලද නීති.
    1. 1902 වර්ෂයේ අංක 16 දරන මුද්‍රණාල ආඥා පනත සහ (Cap. 178) ඒ සඳහා වන සංශෝධන.
    2. 1885 වර්ෂයේ අංක 01 දරන මුද්‍රණකරුවන් සහ ප්‍රකාශකයන් පිළිබඳ ආඥා පනත (Cap. 179) සහ එහි සංශෝධන.
    3. 1839 වර්ෂයේ අංක 05 දරන ප්‍රවෘත්ති පත්‍ර ආඥා පනත (Cap. 179) සහ එහි සංශෝධන.
 

රෙගුලාසි

  1. පොදු වාර්තා සඳහා පොදු ප්‍රවේශය
    1978 දෙසැම්බර් 15 දින දරන ආණ්ඩුවේ ගැසට් පත්‍ර අංක 15.
  2. කොමිෂන් වාර්තා සඳහා පොදු ප්‍රවේශය
    1980 ජනවාරි 02 දින දරන ආණ්ඩුවේ ගැසට් පත්‍ර අංක 74.
  3. අධිකරණ (උසාවි) වාර්තා බැහැර කිරීම
    1979 ජනවාරි 26 දින දරන ආණ්ඩුවේ ගැසට් පත්‍ර අංක 21.
  4. කච්චේරි වාර්තා බැහැර කිරීම
    1980 ජුලි 25 දින දරන ආණ්ඩුවේ ගැසට් පත්‍ර අංක 99.
  5. රජයේ කාර්යාලවල පොදු ලේඛන බැහැර කිරීම.
    1984 අගෝස්තු 31 දින දරන ආණ්ඩුවේ ගැසට් පත්‍ර අංක 313.
  6. වාර්තා බැහැර කිරීම පිළිබඳ පරිපාලන රෙගුලාසි 28 වන පරිච්ඡේදයෙහි වගන්ති 911 - 918 (ආයතන සංග්‍රහය).
  7. රාජ්‍ය වාර්තා ආරක්ෂණ කාර්යසටහන් පිළිබඳ අංක 25/2008 සහ 2008 දෙසැම්බර් 17 දින දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය.
  8. ජාතික ලේඛනාගාරයෙහි සෝදිසි කාමර නීති.
 

අවසන් යාවත්කාලීන කිරීම 2021 අගෝස්තු 12 වෙනි බ්‍රහස්පතින්දා, 07:18  

සොයන්න

ලියාපදිංචි පොත්, සඟරා, ප්‍රවෘත්ති පත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර

ලේඛනාගාරය භාරයේ පවතින ලේඛන

ජාතික ලේඛනාගාරය භාරයේ පවත්නා ඇතැම් වාර්තා කාණ්ඩ ගැන අගනා විස්තරයක් මෙහි දැක්වේ.

අළුත්ම ඡායාරූප එකතුව

අප‍ගේ අළුත්ම ඡායාරූප බලන්න.

තෝම්බු දර්ශකය

පෘතුගීසීන් විසින් සම්පාදනය කරන ලද, "සිංහල රජවරුන්ගේ ලේකම් මිටි" පදනම් කරගත්, ලියාපදිංචි ලේඛන හෙවත් තෝම්බු.

ඔබගේ අදහස් දක්වන්න

ඔබගේ පැමිණිලි ඇතොත් අදම ඉදිරිපත් කරන්න.

ප්‍රකාශන

ප්‍රකාශනවල අළුත්ම මිල ගණන් දැනගැනීම සඳහා

කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.