Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව

ලේඛන ආබද්ධ කර ගැනීමේ අංශය

රාජ්‍ය ආයතනයකින් හෝ පුද්ගලයන්ගෙන් හෝ ලේඛන මෙම ආයතනයට ආබද්ධ කර ගැනීම සිදුකරනු ලබන්නේ මෙම අංශය තුලිනි.

1973 අංක 48 දරණ ලේඛන ආරක්ෂක පනතේ 09 වෙනි වගන්තියේ (2) (ඈ) ජේදය අනුව ස්ථිර ලෙස ආරක්ෂා කිරීම සඳහා අවු.25 කට නොඅඩු කලක් වැදගත් ලේඛන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට බාර දිය යුතු බව.

1973 අංක 48 දරණ ලේඛන ආරක්ෂක පනතේ 10 වගන්තිය අනුව රජයේ ආයතනයක් වසා දැමීමට නියමිත අවස්ථාවකදී සියලුම පොදු ලේඛන පිලිබඳ නාමාවලියක් සකස් කර ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ වෙත එවිය යුතු අතර එයින් තෝරාගනු ලබන වැදගත් පොදු ලේඛන ජාතික ලේඛනාගාරයට පැවරිය යුතුය.

1973 අංක 48 දරණ ලේඛන ආරක්ෂක පනතේ 11 වගන්තිය අනුව පරීක්ෂණ කොමිසම් පනත යටතේ පත් කරන ලද යම් පරීක්ෂණ කොමිසම් සභාවකට හෝ අමාත්‍යවරයෙකු විසින් පත් කරනු ලබන යම් පරීක්ෂණ කමිටුවකට අදාළ සියලුම ලේඛන ඒ කොමිසම් සභාවේ හෝ ඒ කමිටුවේ අවසාන වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු තෙමසක් ඇතුලත ජාතික ලේඛනාගාරයේහි තැන්පත් කිරීමට භාරගත යුතුය.

1973 අංක 48 දරණ ලේඛන ආරක්ෂක පනතේ 12 වගන්තිය අනුව පෞද්ගලික සන්තකයෙහි හෝ යම් ආයතනයක සන්තකයෙහි පවතින ඓතිහාසික ,සංස්කෘතික හෝ සාහිත්‍යයික වටිනාකමක් ඇති ලේඛන හා ඇත පිටපත් ජාතික ලේඛනාගාරයට බාර දිය හැකිය.

1973 අංක 48 දරණ ලේඛන ආරක්ෂක පනතේ 13 (1) වගන්තිය අනුව සියලුම ආකාරයේ ප්‍රකාශන ජාතික ලේඛනාගාරයට එවිය යුතුය.

(අ).යම් රජයේ කාර්යාලයකින් නිකුත් කරනු ලබන සෑම වාර්ෂික වර්තාවකම සෑම ගිණුම් ප්‍රකාශනයකම පිටපතක්,එය නිකුත් කරන දින සිට දින තිහක් ඇතුළත අධ්‍යක්ෂකවරයා වෙත යැවීමද ඒ කාර්යාලයේ වගකිවයුතු නිලධාරියාගේද,

(ආ).තැපැල්පති විසින් නිකුත් කරනු  ලබන එක් එක් අලුත් තැපැල් මුද්දරයක,ප්‍රථම දින ලියුම් කවරයක, තැපැල් ඇණවුම් ආකෘතියක, ගුවන් ලියුමක හා තැපැල් පතක ආදර්ශයක්, එය නිකුත් කරන ලද දින තිහක් ඇතුලත අධ්‍යක්ෂකවරයා වෙත යැවීම තැපැල්පතිගේද,

(ඇ).ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරනු ලබන සෑම මුදල් නෝට්ටු වර්ගයකම අවලංගු කරන ලද ආදර්ශයක් සහ සෑම අලුත් කාසියකම ආදර්ශයක්,එය නිකුත් කරන ලද දින සිට දින 30 ක් ඇතුලත අධ්‍යක්ෂකවරයා වෙත යැවීම මහා බැංකුවේ අධිපතිගේද,

(ඈ).මහජනයාට විකිණීම සදහා මිනුම්පති විසින් නිකුත් කරනු ලබන සෑම සිතියමකම, පිඹුරකම සහ සෑම රේඛා සටහනකම හෝ අන් සෑම ප්‍රකශනයකම පිටපතක් අධ්‍යක්ෂකවරයා වෙත යැවීම මිණුම්පතිගේද,

(1).ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු තෝරා පත්කිරීම සඳහා පවත්වනු ලබන යම් මැතිවරණයක හෝ අතුරු මැතිවරණ අපේක්ෂකයකු විසින් හෝ වෙනුවෙන් මහජනයා අතර බෙදා හරිම සඳහා නිකුත් කරනු ලබන යම් මැතිවරණ ප්‍රචාරක පතපොතක පිටපතක් එය නිකුත් කරන ලද දින සිට දින තිහක් ඇතුලත අධ්‍යක්ෂවරයා වෙත යැවීම එම අපේක්ෂකයාගේ කාර්යය වන්නේය.


1981 අංක 30 දරණ ශ්‍රී ලංකාවේ ජන රජයේ  ජනාධිපතිවරයකුගේ ධුර කාලය ඉකුත්වූ විට සියලු පොදු ලේඛන ජාතික ලේඛනාගාරයට පැවරීම ජනාධිපති ලේකම්වරයාට අයත් කාර්යය විය යුතුය.

මෙම ලේඛන භාරගත් පසු එම ලේඛන සඳහා ලේඛන ඛාන්ඩාංක ලබා දීම හා ආබාද කිරීමේ අංක ලබාදීම සිදු කරනු ලැබේ. ඉන් පසු එම ලේඛන පරිෂීලනය සඳහා ලබාදිය හැකිය.

එම ලේඛන පරිශීලනය සඳහා ලබාදිය හැක්කේ ඉන් පසුවයි.

ලේඛන ආබද්ධ කිරීම සඳහා අවශ්‍ය පියවර මෙසේය:

  • ලැබුණ සියළු ලේඛන අපේක්ෂිත ලේඛන බව ස්ථීර කිරීම.
  • එම ලේඛන සඳහා සුචි සකස් කිරීම.
  • ලේඛනය පිළිබඳ විස්තර ලේඛන ආබද්ධ කරගැනීමේ රෙජිස්ටරයේ ඇතුලත් කිරීම
  • ජාතික ලේඛනාරක්ෂණාගාරයෙහි කෝෂ්ඨාගාරවල ස්ථීර ස්ථානයක ගොනු තැන්පත් කිරීම. (තැන්පත් කිරීමට පෙර ධූමායතනය සඳහා යැවීම)
  • "විවෘත" ලේඛන නම් මහජන පරිශීලනය සඳහා එම ලේඛන ලබා දීම (කොන්දේසි විරහිතව මහජනයාට පරිශීලනය කළ හැකි ලේඛන 'විවෘත' ලේඛන ලෙස හඳුන්වනු ලැබේ).

මෙහි කිලික් කිරීමෙන් ආබද්ධ කර ගැනීමේ ලේඛනය බාගතකර ගන්න

අවසන් යාවත්කාලීන කිරීම 2014 අගෝස්තු 21 වෙනි බ්‍රහස්පතින්දා, 09:48  
කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.