Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව අංශය තොරතුරු කළමණාකරණය, ආරක්ෂණය සහ සංරක්ෂණය ශ්‍රව්‍ය දෘශ්‍ය අංශය

ශ්‍රව්‍ය - දෘශ්‍ය අංශය

දෙපාර්තමේන්තුවේ ඇති චල චිත්‍රපට, වීඩියෝ පට, විද්‍යුත් චුම්භක පට, ශ්‍රව්‍ය කැසට්පට, ශ්‍රව්‍ය තැටි, සංගත තැටි, සංයුක්ත තැටි, ඡායාරූප (කළු/සුදු), රූටන ප්‍රතිමූර්ති සහ සූක්ෂම චිත්‍රපටල ආදී ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛන මෙම අංශයේ තැන්පත්ව ඇත. ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛන සංරක්ෂණය කිරීම සහ පර්යේෂකයින් සඳහා පර්යේෂණ කාමරයට නිකුත් කිරීම මෙම අංශය මගින් සිදුකරනු ලබයි. දෙපාර්තමේන්තුවේ ඇති දුර්ලභ ගණයේ ජන සංගීත තැටි පර්යේෂකයින්ට ශ්‍රවණය කිරිමට පහසුකම් සැලසිම, පිටපත් ලබා දීම සහ සූක්ෂම චිත්‍රපට වල පිටපත් ලබා දීම සහ ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ නඩත්තු කිරීම මෙම අංශය මගින් සිදු කරනු ලැබේ.

ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛන

  • චලචිත්‍රපට - හිටපු විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ කථා සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳ දැක්වෙන චිත්‍රපට (මි.මී. 35 සහ 16 ප්‍රමාණයේ).
  • වීඩියෝපට - හිටපු අගමැතිණියගේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජීවිත කථාව, ලේඛන කළමනාකරණය පිළිබඳ වීඩියෝ පට සහ ජනාධිපති කොමිෂන් සභාවල වීඩියෝ පට ඇත
  • විද්‍යුත්චුම්භක පට - 1960 ගණන් වල දී සංස්කෘතික අමාත්‍යාංශය සහ ලීවර් බ්‍රදර් ආයතනය එකතුව පටිගත කර, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති, ශ්‍රී ලංකාවේ සෑම ප්‍ර‍දේශයකම සිටි පැරණි ගැමි ජනතාව විසින් ගායනා කරන ලද ජන ගී එකතුවකි. ජෝතිපාල මහතාගේ ගීත ඇතුලත් විද්‍යුත් චුම්භක පට ඇත.
  • ශ්‍රව්‍ය කැසට්පට - ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු විසින් පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල තොරතුරු අඩංගු වේ
  • සංගතතැටි - රජයේ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ සහ පුද්ගලික ආයතන වලින් ලබා දී ඇති පාලන වාර්තා, ගිණුම් කටයුතු, ව්‍යාපෘති සහ කෘෂිකාර්මික වැඩසටහන් අඩංගුව ඇත. තවද ආබද්ධ කර ගන්නා ලද පුද්ගලයින් විසින් ගුවන් විදුලි සංස්ථාව මගින් කරන ලද කථා ඇතුලත් සංගත තැටි තිබේ. (පැලෑනේ වජිරඥාන හිමි, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා, මාටින් වික්‍රමසිංහ මහතා, මාහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා, ගුණපාල මලලසේකර මහතා වැනි අය.)
  • ඡායාරූප - ලීවර් බ්‍රදර් ආයතනය විසින් ලබා දී ඇති ශ්‍රී ලංකාවේ රජමහා විහාර වල බිතු  සිතුවම් (කළු/සුදු) සංරක්ෂණය කර ඇත
  • සූක්ෂමචිත්‍රපට - පෘතුගීසි ලේඛන, ලන්දේසි ලේඛන, ශ්‍රී ලංකාවේ පළ වූ සිංහල, ද්‍රවිඩ සහ ඉංග්‍රීසි පුවත්පත් සහ වෙනත් විවිධ ලේඛන සූක්ෂම චිත්‍රපටගත කර ඇත

සූක්ෂම ඡායාගත කරන ලද පුවත්පත්

සිංහල - 1862 සිට
දිණමින 1909 – 1948, 2006 – 2009
ලක්මිණිපහණ 1864 – 1894
ලක්රිවිකිරණ 1864 – 1902
ලංකාදීප 1947 – 1948
සරසවි සඳරැස 1880 – 1900, 1922
සිළුමිණ 1930 – 1935
දවස 1961 – 1970
සිංහල බෞද්ධයා 1906 – 1959, 1932, 1976
ජනතා 1956 – 1976
සිංහල ජාතිය 1953 – 1976, 1980- 1981
පෙරමුණ 1916 – 1949
ජනසතිය 1963 – 1976
ඇත්ත 1967 – 1976
ඉංග්‍රීසි - 1832 සිට
කලම්බු ජර්නල් 1832 – 1875
සිලෝන් ඔබ්සර්වර් 1841 – 1952
කලම්බු ඔබ්සර්වර් 1842 – 1868
සිලෝන් ඩේලි නිවුස් 1840 – 1841, 1925 – 1930, 1948, 1950, 2005 –2009
සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ස් 1894 – 1937
ද ටයිම්ස් ඔෆ් සිලෝන් 1846 - 1954
එග්සැමිනර් 1846 – 1900
වෙනත්
අලහමත් ලංකාපූරි 1869 – 1870
වීරකේසරී 1947 – 1963
හින්දු ඔර්ගන් 1889 – 1922
අවසන් යාවත්කාලීන කිරීම 2014 අගෝස්තු 25 වෙනි සදුදා, 05:31  

සොයන්න

ලියාපදිංචි පොත්, සඟරා, ප්‍රවෘත්ති පත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර

ලේඛනාගාරය භාරයේ පවතින ලේඛන

ජාතික ලේඛනාගාරය භාරයේ පවත්නා ඇතැම් වාර්තා කාණ්ඩ ගැන අගනා විස්තරයක් මෙහි දැක්වේ.

අළුත්ම ඡායාරූප එකතුව

අප‍ගේ අළුත්ම ඡායාරූප බලන්න.

තෝම්බු දර්ශකය

පෘතුගීසීන් විසින් සම්පාදනය කරන ලද, "සිංහල රජවරුන්ගේ ලේකම් මිටි" පදනම් කරගත්, ලියාපදිංචි ලේඛන හෙවත් තෝම්බු.

ඔබගේ අදහස් දක්වන්න

ඔබගේ පැමිණිලි ඇතොත් අදම ඉදිරිපත් කරන්න.

ප්‍රකාශන

ප්‍රකාශනවල අළුත්ම මිල ගණන් දැනගැනීම සඳහා

කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.