Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව ව්‍යාපෘති දැන‍ට ඉටුවන ව්‍යාපෘති

දැන‍ට ඉටුවන ව්‍යාපෘති

ටයිම්ස් එකතුව අංකිතකරණය කිරීම

සිනමාව, ක්‍රීඩා, කලාව, දේශපාලනය, ආර්ථික කටයුතු, සංස්කෘතික කටයුතු සහ ආගමික කටයුතු සහ තවත් ක්ෂේත්‍ර රාශියක් පිළිබඳව ඉතා වැදගත් තොරතුරු ඇතුලත් ප්‍රධාන ජායාරූප එකතුවක් හා පුවත්පත් කැපුම් එකතුව "ටයිම්ස් එකතුව" ලෙස හැඳින්වේ. ටයිම්ස් ඔෆ් සිලෝන් ලිමිටඩ් නැමති ආයතනය විසින් මෙම වැදගත් තොරතුරු එකතුව සම්පාදනය කර ඇත. මෙම එකතුව 1846 සිට 1985 දක්වා කාළය තුළ සාමාජික, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික පසුබිම පිළිබිඹු කරන කැඩපතක් වැනිය. මෙම එකතුව අංකිතකරණය කිරීම ආරම්භ කර ඇති අතර මේ තුලින් මෙම තොරතුරු ආරක්ෂාවන අතර, එය ලොව පුරා පර්යේෂකයන්ට පරිශීලනය කළ හැකි වනු ඇත.

 

ජන්දහිමි නාම ලේඛන අංකිතකරණය

පළමුව යටත් විජිත ලේකම් කාර්යාලය සහ ඉන් පසුව මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ජන්දහිමි නාම ලේඛන සම්පාදනය කරන ලදී. එවකට ලියපදිංචි කළ ගෘහස්ථ අංක සහ නිවැසියන් මෙම ලේඛනවල ඇත. දිවයිනේ සියළු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 1931 සිට 1992 දක්වා ජන්දහිමි නාම ලේඛන රාශියක් ජාතික ලේඛනාගාරයෙහි තැන්පත් කර ඇත. ප්‍රථම අදියර ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ජන්දහිමි නාම ලේඛන අංකිතකරණය කිරීම ආරම්භ කර ඇත.

 

 

ටයිම්ස් එකතුව සහ ජන්දහිමි නාම ලේඛන අංකිතකරණය සහ දත්ත පදනම ස්ථාපනය

ව්‍යාපෘති මාතෘකාව විස්තරය පවත්නා කාලය
ටයිම්ස් එකතුව අංකිතකරණය විවිධ විෂයයන් ගැන පුවත්පත් කැපුම් සහ ජායාරූප වලින් සැදුම් ලත් ටයිම්ස් එකතුව අංකිතකරණය කරනු ලැබේ මෙම වසර තුළ
ජන්දහිමි නාම ලේඛන අංකිතකරණය දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය කරන, 1931 සිට 1992 කාලය සඳහා වන ජන්දහිමි නාම ලේඛන විශාල සංඛ්‍යාවක් ජාතික ලේඛනාරක්ෂණාගාරයේ තැන්පත් කර ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ ජන්දහිමි නාමලේඛන ප්‍රථම අදියර වශයෙන් අංකිතකරණය කරනු ලැබේ. මෙම වසර තුළ

අනෝන්‍ය සංස්කෘතික උරුමයන් පිළිබඳ ව්‍යාපෘතිය

කාර්යයන්
  • ලන්දේසි ලේඛන ප්‍රතිසංස්කරණය කිරීම.
  • ලන්දේසි ලේඛන සූක්ෂම චිත්‍රපටකරණය කිරීම.
  • ලන්දේසි සුචි පරිගණකගත කිරීම
    • ලන්දේසි රෙපරමාදු පල්ලියේ ලේඛන පිළිබඳ සුචිය
    • ලන්දේසි දේශපාලන මණඩලයේ කවුන්සිලයේ සටහන්
  • තෝරා ගන්නා ලද ඉතා වටිනා ලන්දේසි ලේඛන තුනක් පරිවර්තනය සංස්කරණය සහ ප්‍රකාශයට පත් කිරීම
    • එනම් :- කොළඹ සිට හංවැල්ල දක්වා සහ ගාල්ල පාලන ප්‍රදේශයට (commandment) 1717 දී ආණ්ඩුකාර අයිසැක් ඔගස්ටි රූමාෆ් ගිය ගමන පිළිබඳ ලියන ලද දින පොත
    • 1719 දෙසැම්බර් 12 සිට 1719 පෙබරවාරි 04 දක්වා කොළඹ සිට යාපනයට ආණ්ඩුකාර අයිසැක් ඔගස්ටිරූෆ් ගිය ගමන පිළිබඳ ලියන ලද දින පොත.
    • ලන්දේසි-සිංහල ශබ්ද කෝෂය ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කිරීම, සංස්කරණය කිරීම හා ප්‍රකාශයට පත් කිරීම.
  • ගැලවී හෝ අස්ථානගත වී ඇති තෝම්බුවල පිටු හඳුනා ගැනීම සහ අදාල තෝම්බු වලට ඒවා ඇතුලත් කිරීම
  • ලේඛන කළමනාකරණය හා සංරක්ෂණය පිළිබඳ පුහුණුව ලබා දීම.
අන්නෝන්‍ය සංස්කෘතික උරුමය පිළිබඳ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ
  • ලන්දේසි ලේඛනවල රසායනික, ජීවවිද්යා ත්මක සහ භෞතික හානිය අවම කිරීම.
  • තොරතුරු ලබා ගැනීම පහසු කිරීම.
  • අන්නෝන්‍ය සංස්කෘතික උරුමය පිළිබඳ දැනුවත් බව ප්‍රවර්ධනය කිරීම.
  • පොදු ජනයා සඳහා නෛතික හා පර්යේෂණ කටයුතුවලට ප්‍රමාදයකින් තොරව පිටපත් ලබාගත හැකි වීම.
  • ශ්‍රී ලාංකිකයන්, ඕලන්ද ජාතිකයන් සහ වෙනත් උනන්දුවන පාර්ශ්වයන් සඳහා ලන්දේසි පරිපාලනය ගැන තොරතුරැ සුරැකීම.
  • ලන්දේසි ලේඛන භාවිතා කොට පර්යේෂණ කිරීමේ කාර්යය පහසු කරලීම.
  • පුහුණු පහසුකම් වැඩි දියුණු කිරීම ලේඛන කළමනාකරණය සහ ලේඛන සංරක්ෂණය පිළිබඳ වෘත්තීය දැනුම ලබාදීමෙන් ගුණාත්මකභාවය ඉහල නැංවීම

මහාචාර්ය. කේ.ඩී.පරණවිතාන මහතා

ශ්‍රී ලංකා-නෙදර්ලන්ත ව්‍යාපෘති කණ්ඩායමට (2010) අයත් පිරිසකගේ ජායාරූපයකි. අන්‍යෝන්‍ය සංස්කෘතික උරුමයේ අධ්‍යක්ෂ (ජාතික ලේඛනාරක්ෂණ) රොලොෆ් හෝල්, ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ආචාර්ය සරෝජා වෙත්තසිංහ සහ අන්‍යෝන්‍ය සංස්කෘතික උරුමය පිළිබඳ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජින්නා ස්මිත් මහත්මිය ඇතුළු ව්‍යාපෘතියට සමිබන්ධ  නිලධාරි පිරිස.

අවසන් යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 21 වෙනි සදුදා, 06:00  

සොයන්න

ලියාපදිංචි පොත්, සඟරා, ප්‍රවෘත්ති පත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර

ලේඛනාගාරය භාරයේ පවතින ලේඛන

ජාතික ලේඛනාගාරය භාරයේ පවත්නා ඇතැම් වාර්තා කාණ්ඩ ගැන අගනා විස්තරයක් මෙහි දැක්වේ.

අළුත්ම ඡායාරූප එකතුව

අප‍ගේ අළුත්ම ඡායාරූප බලන්න.

තෝම්බු දර්ශකය

පෘතුගීසීන් විසින් සම්පාදනය කරන ලද, "සිංහල රජවරුන්ගේ ලේකම් මිටි" පදනම් කරගත්, ලියාපදිංචි ලේඛන හෙවත් තෝම්බු.

ඔබගේ අදහස් දක්වන්න

ඔබගේ පැමිණිලි ඇතොත් අදම ඉදිරිපත් කරන්න.

ප්‍රකාශන

ප්‍රකාශනවල අළුත්ම මිල ගණන් දැනගැනීම සඳහා

කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.