Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව

සම්පූර්ණ කළ ව්‍යාපෘති

නැප් ව්‍යාපෘතිය

(NAP - නෙදර්ලන්ත සහයෝගිතා වැඩ සටහන මත සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබද අමාත්‍යාංශයේ පරිපාලනය යටතේ 2006 වර්ෂයේ ආරම්භ කරන ලදී. මෙමගින් මෙම දෙපාර්තමේන්තුවේ ලන්දේසි ලේඛන සඳහා වන සුචිය (ගාල්ල සහ කොළඹ) පරිගණක ගත කිරීම, ලන්දේසි ලේඛන සඳහා වන සුචිය ප්‍රකාශනයක් වශයෙන් එළිදැක්වීම, වැදගත් ලන්දේසි ලේඛන වෙළුම් දෙකක් ඉංග්‍රීසියට පරිවර්තනය කර දෙපාර්තමේන්තු ප්‍රකාශන වශයෙන් එලිදැක්වීම, දෙපාර්තමේන්තු නිලධාරීන් හට ලන්දේසි භාෂාව/ලේඛන කළමනාකරණය/අධිලේඛන සංරක්ෂණය පිළිබද පුහුණුව ලබාදීම වැනි කාර්යයන් සිදුකරන ලදී.

ටානප් ව්‍යාපෘතිය

නෙදර්ලන්තයේ ජාතික ලේඛනාගාරයේ ආධාර මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය 2001 වර්ෂයේ ආරම්භ කරන ලද අතර 2006 වර්ෂයේ දී අවසන් විය. නැවත එහි දෙවන අදියර 2006  වර්ෂයේ ආරම්භ කර 2009 වර්ෂයේ අවසන් කරන ලදී. මෙමගින් මෙම දෙපාර්තමේන්තුවේ තැන්පත්ව ඇති පැරණිම මුල් ලේඛන වර්ගය වන ලන්දේසි ලේඛන සංරක්ෂණය කිරීම සහ සූක්ෂම ඡායාගත කිරීම සිදුකෙරේ. මෙය රුපියල් ලක්ෂ 88 ක ව්‍යාපෘතියකි.

අවසන් යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 21 වෙනි සදුදා, 11:42  
කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 19-03-2024.