Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව අංශය තොරතුරු පුස්තකාල

පුස්තකාලය

ලේඛනාරක්ෂක පුස්තකාලය

ශ්‍රී ලංකාව තුළ මුද්‍රිත දුර්ලභ  පොත්පත් රැසක් මෙහි තැන්පත්ව ඇත. මිලදී ගැනීම් මගින්, පරිත්‍යාග වශයෙන්, දේශීය හා විදේශීය පොත්, සඟරා මෙහි ආබද්ධිතව ප්‍රතිග්‍රහණය වී ඇත. එයට අමතරව පුස්කොළ පොත් රැසක් ද තැන්පත්ව ඇත. ශාස්ත්‍රීය හා පර්යේෂණාත්මක වටිනාකමකින් යුතු සඟරා වර්ග රැසක්ද මෙහි තිබේ. අධිලේඛන සම්බන්ධව ලොව පළවන ප්‍රමුඛ සඟරා සහ පොත්පත් රාජකාරිමය හා පර්යේෂණ අවශ්‍යතා සඳහා තැන්පත්ව ඇත.

විශේෂයෙන් අධිලේඛන විද්‍යාව, ඉතිහාසය, දේශපාලන විද්‍යාව, චරිත කතා, සිංහල, සංස්කෘතික, ජනසන්නිවේදනය, ආර්ථික විද්‍යාව සහ නීතිය යන විවිධ විෂයයන් යටතේ පොත් සහ සඟරා තිබේ. විශේෂයෙන් දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පර්යේෂණ කටයුතු සඳහා පමණක් මෙම පුස්තකාලය භාවිතා කළද, වෙනත් පුස්තකාලයකින් පරිශීලනය කල නොහැකි වූ ලේඛන සඳහා දෙස් විදේස් පර්යේෂකයන්ට විශේෂ අවසර මත පොත් නිකුත් කෙරේ.

හොරගොල්ල පුස්තකාලය

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක පවුලේ අය විසින් පාවිච්චි කළ පොත්, දිනපොත් යනාදි ලේඛන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ප්‍රදානය කර ඇත. එම එකතුව "හොරගොල්ල පුස්ථකාලය" ලෙස හැඳින්වේ. විවිධ විෂයන් ගැන පොත් රාශියක් ඇතුළත්ය. ඒ අතර එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දිනපොත් කීපයක් ද, ජීවන චරිත ද, හැන්සාඩ් වාර්තා ද, පනත් ද, බ්‍රිතාන්‍ය යුග‍යේ ලේඛන රාශියක් ද ඇතුළත්ය. මෙම පොත් පරිශීලනය කළ හැක්කේ බණ්ඩාරනායක පවුලේ සාමාජිකයන්ගේ අවසරය ඇතිව පමණි.

අවසන් යාවත්කාලීන කිරීම 2014 අගෝස්තු 25 වෙනි සදුදා, 08:09  

සොයන්න

ලියාපදිංචි පොත්, සඟරා, ප්‍රවෘත්ති පත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර

ලේඛනාගාරය භාරයේ පවතින ලේඛන

ජාතික ලේඛනාගාරය භාරයේ පවත්නා ඇතැම් වාර්තා කාණ්ඩ ගැන අගනා විස්තරයක් මෙහි දැක්වේ.

අළුත්ම ඡායාරූප එකතුව

අප‍ගේ අළුත්ම ඡායාරූප බලන්න.

තෝම්බු දර්ශකය

පෘතුගීසීන් විසින් සම්පාදනය කරන ලද, "සිංහල රජවරුන්ගේ ලේකම් මිටි" පදනම් කරගත්, ලියාපදිංචි ලේඛන හෙවත් තෝම්බු.

ඔබගේ අදහස් දක්වන්න

ඔබගේ පැමිණිලි ඇතොත් අදම ඉදිරිපත් කරන්න.

ප්‍රකාශන

ප්‍රකාශනවල අළුත්ම මිල ගණන් දැනගැනීම සඳහා

කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.