ඉතා වටිනා සහ ජාතික වැදගත්කමකින් යුත් ලේඛන තැන්පත්ව ඇත. ඒ අතර පෘතුග්‍රීසි යුගයේ සමහර ලේඛනවල ඡායාපිටපත්, ලන්දේසි යුගයේ (1640 – 1796) ඉඩම් තෝම්බු, පවුල් තෝම්බු, පාසල් තෝම්බු, දේශපාලන මණ්ඩලයේ සටහන් සහ දිවයින තුළ ලන්දේසි පාලනයේ ව්‍යවහාරික සියළු ලේඛන, බ්‍රිතාන්‍ය යුගයේ රජයේ සන්නස්, ධාන්‍ය බදු ලේඛන, නිලපංගු සහ ප්‍රවේනි පංගු ලේඛන, නිදහසින් පසු 1948 සිට රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ අනිකුත් ආයතනවල ලේඛන වේ.
ප්‍රදානය කරන ලද හෝ මිලදීගන්නා ලද ලේඛන
1. ආයතනවල සහ පුද්ගලයන්ගේ පෞද්ගලික අත්ලිපි සහ පොත්
2. බණ්ඩාරනායක පවුලේ ලේඛන ඇතුළත් හොරගොල්ල පුස්තකාලය
3. ටයිම්ස් එකතුව
රැස්කරගත් / තැන්පත්කරගත් ලේඛන
පන්සල් සහ වෙනත් පුද්ගලයන් සතුව පැවැති ඓතිහාසික අත්ලිපි
මැතිවරණ පත්‍රිකා එකතුව
සිතියම්
1. පෘතුශීසි ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යුගයේ සිතියම් (1505 – 1947)
2. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සිතියම් (මිනුම්පතිගේ සිතියම්)
රජයේ ප්‍රකාශන
1. 1976 – 1947 ආඥාපනත්
2. 1802 සිට රජයේ ගැසට්
3. 1821-1937 නිල් පොත්
4. 1860 සිට සැසි වාර්තා
5. 1867 සිට පාලන වාර්තා
6. 1870 සිට හැන්සාඩ් වාර්තා
7. අනෙකුත් ප්‍රකාශන (1885 සිට මුද්‍රිත)





තැන්පත් ලේඛන