නෙදර්ලන්ත ජාතික ලේඛනාගාරයේ සහයෝගයෙන් 2001 වසරේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර එය 2006 වසරේ දී අවසන් විය. නැවත එහි දෙවන අදියර 2006 වසරේ ආරම්භ කර 2009 වසරේ දෙසැම්බර් මස අවසන් කරන ලදී මෙම ව්‍යාපෘතිය යටතේ ලන්දේසි යුගයේ ලේඛන සූක්ෂම ඡායාගත කිරීම සහ ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීමේ කටයුතු ඉටු කරයි.
නෙදර්ලන්ත රජයේ ආධාර යටතේ සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබද අමාත්‍යංශයේ පරිපාලනය යටතේ 2006 වසරේ ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ,
- ලන්දේසි ලේඛන සදහා වන සෙවීම් උපකෘත පරිගණකගත කිරීම.
- ලන්දේසි ලේඛන සදහා වන සෙවීම් උපකෘත ප්‍රකාශනයක් ලෙස සකස් කිරීම.
- වැදගත් ලන්දේසි ලේඛන පරිවර්තනය කර ප්‍රකාශයට පත් කිරීම.
- ලන්දේසි තෝම්බු ඉංග්‍රිසි භාෂාවට සහ දේශිය භාෂාවන්ට පරිවර්තනය කිරීම.
- ජාතික ලේඛනාගාරයේ සෙවීම් කාමරයේ පර්යේෂණ පහසුකම් වැඩි දියුණු කිරීම සදහා තාක්ෂණික සහයෝගිතාව ලබා දීම.
- දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලන්දේසි භාෂාව, ලේඛන කළමනාකරණය, අධිලේඛන ආරක්ෂා කිරීම හා සංරක්ෂණය පිළිබද පුහුණු ලබා දීම.





ව්‍යාපෘති