Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව
Latest News


ජනාධිපති කොමිෂන් සභා සහ අමාත්‍ය කමිටු වාර්තා ශ්‍රී ලංකා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැවරීම සඳහා වන මාර්ගෝපදේශ

මාර්ගෝපදේශ බලන්න

 

නීති රාමුව පිළිබඳ මහජන අදහස් විමසීම

ජාතික අධිලේඛන සහ වාර්තා කළමනාකරණ නීති රාමුව පිළිබඳ මහජන අදහස් විමසීම

2024.02.14 දින මධ්‍යම රාත්‍රී 12 සිට 2024.02.29 දින මධ්‍යම රාත්‍රී 12 දක්වා ඉදිරිපත් කිරීම් භාරගනු ලැබේ.

බාගතකිරීම්

Framework for National Archives and Records Management Legislation (PDF 312 KB)

Press Release (PDF 53 KB)

හැඳින්වීම

ජාතික අධිලේඛන සහ වාර්තා කළමනාකරණ නීති රාමුව පිළිබඳ ප්‍රතිපෝෂණ සැපයීමට ඔබ දක්වන උනන්දුව අපි බෙහෙවින් අගය කරමු. මහජනතාවගේ අවශ්‍යතා සපුරාලන පුළුල් නීතියක් නිර්මාණය කිරීම සඳහා ඔබේ අදහස් සහ යෝජනා අප අපේක්ෂා කරනු ලැබේ.

ජාතික අධිලේඛන සහ වාර්තා කළමනාකරණ නීති රාමුව කෙටුම්පත් කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් පහත සඳහන් කමිටුව පත් කරන ලදී.

  1. නයිජල් නුගවෙල මහතා, අධිලේඛනාරක්ෂක (සභාපති)
  2. ආචාර්ය නදීරා රූපසිංහ, ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල් (සාමාජික)
  3. මහාචාර්ය රොහාන් සමරජීව, හිටපු සභාපති, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) (සාමාජික)
  4. පියතිස්ස රණසිංහ මහතා, හිටපු අධ්‍යක්ෂ ජනරාල්, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (සාමාජික)
  5. යමුනා රණවන මහත්මිය, හිටපු නියෝජ්‍ය නීති කෙටුම්පත් සම්පාදක (සාමාජික)
  6. රවීන්ද්‍ර ප්‍රියන්ත ලාල් මහතා, කථිකාචාර්ය, රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (සාමාජික)
  7. චමිලා ප්‍රියංගනී මිය, ජාතික ලේඛනාගාර සහකාර අධ්‍යක්ෂ (කැඳවුම්කරු)


සහභාගි වන ආකාරය

ඔබගේ ප්‍රතිචාර තැපෑල මඟින් හෝ මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ යන විද්‍යුත් තැපෑල වෙත යොමු කළ හැකි ය. නැතහොත් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පිහිටි කොළඹ 07, පිලිප් ගුණවර්ධන මාවත, අංක 07 දරන ස්ථානයට හෝ අපගේ ශාඛා කාර්යාලය පිහිටි මහනුවර, හේමමාලි මාවතේ, අංක 4/6 දරන ස්ථානයට පැමිණ භාර දිය හැකිය.

ඔබ ඉදිරිපත් කරනු ලබන අදහස් නිශ්චිත විය යුතු අතර, ඔබේ කරුණු තහවුරු කිරීම සඳහා තර්කානුකූලව ඉදිරිපත් කරන ලෙස අපි ඔබව උනන්දු කරවමු.

අනාවරණ ප්‍රකාශය

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඔබේ කැමැත්ත ප්‍රථමයෙන් ලබා නොගෙන තෙවන පාර්ශ්වයකට ඔබගේ පෞද්ගලික දත්ත ලබා නොදීමට වග බලා ගනු ලැබේ. ඔබ සපයන තොරතුරු අදාළ කාර්යය සඳහා අනුගමනය කරන නීත්‍යානුකූල අවශ්‍යතා සඳහා පමණක් භාවිත කෙරේ.

ආචාර්ය නදීරා රූපසිංහ
ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල්
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
අංක 07, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07, ශ්‍රි ලංකාව
2024.02.14
දු. අං. 0112671042


අවසන් යාවත්කාලීන කිරීම 2024 පෙබරවාරි 19 වෙනි සදුදා, 06:29
 

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර අධිපන්තිය තාක්ෂණික නොවන සේවා ගණයේ ජ්‍යෙෂ්ඨ ලේඛනාරක්ෂක තනතුර සඳහා බඳවාගැනීමේ පරිපාටියේ අන්තර්කාලීන විධිවිධාන අනුව කුසලතා පදනම මත බඳවාගැනීම.

දැන්වීම භාගත කරගන්න

ඉල්ලුම් පත්‍රය භාගත කරගන්න

අවසන් යාවත්කාලීන කිරීම 2024 පෙබරවාරි 09 වෙනි සිකුරාදා, 10:15
 

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ අධිලේඛන සංරක්ෂක පුහුණු කිරීමේ ශ්‍රේණිය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛන සංරක්ෂක පුහුණු කිරීමේ ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2023

දැන්වීම මෙතැනින් භාගත කරන්න

අයදුම්පත මෙතැනින් භාගත කරන්න

 

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතාවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම

 

තොරතුරු නිලධාරී

දිලිනි ලියනගේ මිය,

ජාතික ලේඛනාගාර සහකාර අධ්‍යක්ෂ,

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව,

අංක 07, පිලිප් ගුණවර්ධන මාවත,

කොළඹ 07.

දුරකථන : 0112688757 / 0710882688

ෆැක්ස්    : 0112694419

ඊ මේල්  : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

 

 

නම්කළ නිලධාරී

ආචාර්ය නදීරා රූපසිංහ

ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල්

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව,

අංක 07, පිලිප් ගුණවර්ධන මාවත,

කොළඹ 07.

දුරකථන : 0112671042 / 0768874158

ෆැක්ස්    : 0112694419

ඊ මේල්  : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

 

 

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව

කාමර අංක 203 -204 දෙවන පරිශ්‍රය

බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

බෞද්ධාලෝක මාවත

කොළඹ 07.

http://www.rticommission.lk

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

011 2691625 / 011 2678980

011 2691625

අවසන් යාවත්කාලීන කිරීම 2023 සැප්තැම්බර් 22 වෙනි සිකුරාදා, 06:30
 


JPAGE_CURRENT_OF_TOTAL
කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.