Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව අංශය අධ්‍යාපන පුහුණු වැඩසටහන්

පුහුණු වැඩසටහන්

රාජ්‍ය ලේඛන පරිපාලනය සහ ලේඛනාරක්ෂක නීතිය පිළිබඳ එක් දින පාඨමාලාව

අරමුණ

ලේඛන කළමනාකරණ සේවාවන් වර්ධනය කිරීමේ වගකීම දරන, සැලසුම් කරන, කුසලතා වැඩි දියුණු කිරීමට කැමති, කළමනාකරුවන් සඳහා මෙම එක් දින පාඨමාලාව සැලසුම් කර ඇත.

අරමුණුගත කණ්ඩායම

දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ලේඛන කළමනාකරුවන් සහ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් අරමුණු කොට ගෙන එක් දින ලේඛන කළමනාකරණ පාඨමාලාව සැලසුම් කර ඇත.

මාධ්‍යය

පාඨමාලාව මෙහෙයවන මාධ්‍යය සිංහල භාෂාව වේ.

අන්තර්ගතය

පහත සඳහන් විෂයන් මෙම පාඨමාලාව සඳහා අන්තර්ගතවේ.

  • ලේඛනාරක්ෂක නීතිය සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය.
  • ලේඛන කළමනාකරුවන්ගේ වගකීම්.
  • ලේඛන කළමනාකරණයේ ප්‍රතිපත්ති.
  • ලේඛන කළමනාකරනයේ වැදගත්කම.
  • තොරතුරු කළමනාකරණය.
  • ලේඛන විනාශ කිරිම.

ගාස්තුව

ඉහත සඳහන් පාඨමාලාව සඳහා ගාස්තු අය කිරීමක් නොමැත.

පංති පැවැත්වෙන ස්ථානය

කොළඹ 7, පිලිප් ගුණවර්ධන මාවතේ අංක 07 දරන ස්ථානයේ පිහිටි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පැවැත්වේ.

කාල සටහන

අංකය

දිනය

01

2017.02.21

ආයතන ප්‍රධානීන් සහ නියෝජ්‍ය ප්‍රධානීන් සඳහා

02

2017.07.18

පරිපාලන නිලධාරීන් සඳහා

03

2017.09.14

ආයතන ප්‍රධානීන් සහ නියෝජ්‍ය ප්‍රධානීන් සඳහා

විස්තර ලබා ගැනීම පිළිබඳ ඇමතීම

පාඨමාලාව ගැන තවදුරටත් විස්තර දැන ගැනීම සඳහා අමතන්න:

සුනීතා ගුරුගේ මිය (සහාකාර ලේඛනාරක්ෂක)
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
අංක 07, පිලිප් ගුණවර්ධන මාවත,
කොළඹ 07.
ටෙලි: + 94 11 2696917
ෆැක්ස්: + 94 11 2693309 / + 94 11 2694419
විද්‍යුත් තැපෑල: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

 

ලේඛන කළමනාකරණය සහ සංරක්ෂණය පිළිබඳ පස්දින පාඨමාලාව

අරමුණ

පස් දින ලේඛන කළමනාකරණ පාඨමාලාවේ අරමුණ වන්නේ, ලේඛන කළමනාකරණයේ මූලධර්ම ඉගැන්වීම සහ කාර්යයක්ෂම ලේඛන කළමනාකරණයක් පවත්වාගෙන යාම පිළිබඳව දැනුවත් කිරීමයි. ගාස්තු අයකිරීමකින් තොරව ලේඛන කළමනාකරණයක් තුලින් එම ආයතන වල කාර්යයන් විධිමත් කිරීම උදෙසා මෙම පස්දින ලේඛන කළමනාකරණයේ මූලධර්ම ඉගැන්වීම සහ කාර්යයක්ෂම හා විධිමත් ලේඛන පරිපාලනයක් පවත්වාගෙන යාම පිළිබඳව දැනුවත් කිරීමයි.ගාස්තු අයකිරීමකින් තොරව කරනු ලබන මෙම පාඨමාලාව තුලින් මනා ලේඛන කළමනාකරණයක් තුලින් රාජ්‍ය ආයතනවල කාර්යයන් විධිමත් ඇතිකරලීම අපේක්ෂිතය.

අරමුණුගත කණ්ඩායම

පස් දින ලේඛන වාර්තා කළමනාකරණය පාඨමාලාව රාජ්‍ය සේවයෙහි මධ්‍යම මට්ටමේ නිලධාරීන් සඳහා සැලසුම් කර ඇත.

මාධ්‍යය

  • පාඨමාලාව සිංහල භාෂාවෙන් මෙහෙයවනු ලැබේ.
  • පාඨමාලාව සඳහා ප්‍රායෝගික අභ්‍යාස ඇතුළත්ය.

සහතික

පාඨමාලාව සාර්ථක ලෙස නිම කරන නිලධාරින්ට සහතික පත්‍ර ප්‍රදානය කරනු ලැබේ.

කාල සටහන

අංකය

ආරම්භක දිනය

අවසන් වන දිනය

01

2017.03.06

2017.03.10

02

2017.05.15

2017.05.19

03

2017.08.14

2017.08.18

04

2017.10.09

2017.10.13

 

පොත් බැඳීම පිළිබඳ පුහුණු පාඨමාලාව

කාල සටහන

අංකය

ආරම්භක දිනය

අවසන් වන දිනය

01

2017.01.16

2017.02.28

02

2017.04.24

2017.06.07

03

2017.06.19

2017.07.31

04

2017.08.21

2017.10.03

05

2017.11.13

2017.12.26

 

පොත් බැඳුම්කරණ පාඨමාලාව හදාරන්නන් සඳහා වන උපදෙස් මාලාව

අයදුම්පත

 

ශ්‍රී ලංකා යුධ හමුදාව සඳහා ලේඛන කළමනාකරණය පිළිබඳ පාඨමාලාව

කාල සටහන


 

අවසන් යාවත්කාලීන කිරීම 2014 ජූලි 04 වෙනි සිකුරාදා, 07:22  

සොයන්න

ලියාපදිංචි පොත්, සඟරා, ප්‍රවෘත්ති පත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර

ලේඛනාගාරය භාරයේ පවතින ලේඛන

ජාතික ලේඛනාගාරය භාරයේ පවත්නා ඇතැම් වාර්තා කාණ්ඩ ගැන අගනා විස්තරයක් මෙහි දැක්වේ.

අළුත්ම ඡායාරූප එකතුව

අප‍ගේ අළුත්ම ඡායාරූප බලන්න.

තෝම්බු දර්ශකය

පෘතුගීසීන් විසින් සම්පාදනය කරන ලද, "සිංහල රජවරුන්ගේ ලේකම් මිටි" පදනම් කරගත්, ලියාපදිංචි ලේඛන හෙවත් තෝම්බු.

ඔබගේ අදහස් දක්වන්න

ඔබගේ පැමිණිලි ඇතොත් අදම ඉදිරිපත් කරන්න.

ප්‍රකාශන

ප්‍රකාශනවල අළුත්ම මිල ගණන් දැනගැනීම සඳහා

කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.