Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව

රාජ්‍ය ලේඛන පරිපාලනය සහ ලේඛනාරක්ෂක නීතිය පිළිබඳ එක් දින පාඨමාලාව

අරමුණ

ලේඛන කළමනාකරණ සේවාවන් වර්ධනය කිරීමේ වගකීම දරන, සැලසුම් කරන, කුසලතා වැඩි දියුණු කිරීමට කැමති, කළමනාකරුවන් සඳහා මෙම එක් දින පාඨමාලාව සැලසුම් කර ඇත.

අරමුණුගත කණ්ඩායම

දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ලේඛන කළමනාකරුවන් සහ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් අරමුණු කොට ගෙන එක් දින ලේඛන කළමනාකරණ පාඨමාලාව සැලසුම් කර ඇත.

මාධ්‍යය

පාඨමාලාව මෙහෙයවන මාධ්‍යය සිංහල භාෂාව වේ.

අන්තර්ගතය

පහත සඳහන් විෂයන් මෙම පාඨමාලාව සඳහා අන්තර්ගතවේ.

  • ලේඛනාරක්ෂක නීතිය සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය.
  • ලේඛන කළමනාකරුවන්ගේ වගකීම්.
  • ලේඛන කළමනාකරණයේ ප්‍රතිපත්ති.
  • ලේඛන කළමනාකරනයේ වැදගත්කම.
  • තොරතුරු කළමනාකරණය.
  • ලේඛන විනාශ කිරිම.

ගාස්තුව

ඉහත සඳහන් පාඨමාලාව සඳහා ගාස්තු අය කිරීමක් නොමැත.

පංති පැවැත්වෙන ස්ථානය

කොළඹ 7, පිලිප් ගුණවර්ධන මාවතේ අංක 07 දරන ස්ථානයේ පිහිටි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පැවැත්වේ.

කාල සටහන

අංකය

දිනය

01

2017.02.21

ආයතන ප්‍රධානීන් සහ නියෝජ්‍ය ප්‍රධානීන් සඳහා

02

2017.07.18

පරිපාලන නිලධාරීන් සඳහා

03

2017.09.14

ආයතන ප්‍රධානීන් සහ නියෝජ්‍ය ප්‍රධානීන් සඳහා

විස්තර ලබා ගැනීම පිළිබඳ ඇමතීම

පාඨමාලාව ගැන තවදුරටත් විස්තර දැන ගැනීම සඳහා අමතන්න:

සුනීතා ගුරුගේ මිය (සහාකාර ලේඛනාරක්ෂක)
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
අංක 07, පිලිප් ගුණවර්ධන මාවත,
කොළඹ 07.
ටෙලි: + 94 11 2696917
ෆැක්ස්: + 94 11 2693309 / + 94 11 2694419
විද්‍යුත් තැපෑල: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

අවසන් යාවත්කාලීන කිරීම 2017 ජනවාරි 18 වෙනි බදාදා, 06:49  
කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.