Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව

කෝෂ්ඨාගාර

දෙපාර්තමේන්තුවේ කෝෂ්ඨාගාර 6ක දිග කි.මී.22ක් පමණ වන ඉතා වටිනා සහ ජාතික වැදගත්කමකින් යුත් ඉතා වටිනා සහ ජාතික වැදගත්කමකින් යුත් ලේඛන තැන්පත්ව ඇත. ඒ අතර පෘතුගීසි යුගයේ සමහර ලේඛන වල ඡායා පිටපත්, ලන්දේසි යුගයේ (1640 – 1796) ඉඩම් තෝම්බු, පවුල් තෝම්බු, පාසල් තෝම්බු, දේශපාලන මණ්ඩලයේ සටහන් සහ දිවයින තුළ ලන්දේසි පාලනයේ ව්‍යවහාරික සියළු ලේඛන, බ්‍රිතාන්‍ය යුගයේ රජයේ සන්නස්, ධාන්‍ය බදු ලේඛන, නිලපංගු සහ ප්‍රවේනිපංගු ලේඛන, නිදහසින් පසු 1948 සිට රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ අනිකුත් ආයතන වල ලේඛනවේ.

කෝෂ්ඨාගාරයන් හී තැන්පත් ලේඛන

  • 1640 – 1796 දක්වා ලන්දේසි ලේඛන
  • 1796 – 1947 දක්වා බ්‍රිතාන්‍ය  ලේඛන
  • 1948 න් පසු සියලුම රාජ්‍ය ආයතනවල වැදගත් ලේඛන
  • 1830 න් පසු ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කරන ලද පුවත්පත්
  • මුද්‍රිත ප්‍රකාශන සහ පොත්
  • ඓතිහාසික අත් ලිපි එකතුව
  • රහස්‍ය ලේඛන එකතුව
  • පෞද්ගලික ලේඛන එකතුව
  • සිතියම් එකතුව
    • පෘතුගීසි ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යුගයේ සිතියම් (1505 – 1947)
    • නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සිතියම් (මිනුම්පතිගේ සිතියම්)
  • ප්‍රදානය කරන ලද හෝ මිලදී ගන්නා ලද ලේඛන
  • ආයතන වල සහ පුද්ගලයන්ගේ පෞද්ගලික අත්ලිපි සහ පෞද්ගලික ලේඛන එකතුව
  • බණ්ඩාරනායක පවුලේ ලේඛන ඇතුළත් හොරගොල්ල පුස්තකාලය
  • ටයිම්ස් එකතුව
  • මැතිවරණ පත්‍රිකා එකතුව

මෙයට අමතරව දෙපාර්තමේන්තුවේ නීතිමය තැන්පතුව කෝෂ්ඨාගාර දෙකක තැන්පත්ව ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2014 අගෝස්තු 21 වෙනි බ්‍රහස්පතින්දා, 10:00  
කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.