Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව

ටයිම්ස් එකතුව

1846 දී ද ටයිම්ස් ඔෆ් සිලෝන් ලිමිටඩ් ආයතනය ආරම්භ වූ අතර 1985 දී මෙම ආයතනය වසා දමන ලදී. මෙම ආයතනය වසා දමන විට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙම අගනා තොරතුරු ඇතුලත් ටයිම්ස් එකතුව මිලදී ගන්නා ලදී. ඉන්පසුව මෙම ලේඛන එකතුව "ටයිම්ස් එකතුව" ලෙස නම් කර එය ලේඛන කාණ්ඩ අංක 326 යටතේ තැන්පත් කළේය. 1846 සිට 1985 දක්වා කලය තුල ටයිම්ස් පුවත්පත් ආයතනය සතුව තිබූ පුවත්පත් ලිපි සහ ජායාරූප එකතුව මෙම ටයිම්ස් එකතුවේ අඩංගුවේ. එම ආයතනය මගින් පුවත්පත් මුද්‍රණයට අමතරව එම දෛනික පුවත්පත් වල පළ වූ විවිධ තොරතුරු සම්බන්ධ ලිපි සහ එම ලිපි සඳහා යොදා ගන්නා ලද ජායාරූප එකතු කර වෙනම එකතුවක් වශයෙන් පවත්වාගෙන ගොස් ඇත. පුවත්පත් ලිපි සහ ජායාරූප ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් මෙම එකතුවේ තැන්පත්ව ඇත. එම ලිපි සහ ජායාරූප සඳහා ටයිම්ස් පුවත්පත් ආයතනය විසින්ම විධිමත්ව සකසන ලද සුචිපත්‍ර එකතුවක්ද මෙම අංශය සතුය.

ටයිම්ස් අංශයෙහි තැන්පත්ව ඇති ලේඛන

  • පුවත්පත් කැපුම් (Paper Cuttings) - දේශීය සහ විදේශීය
  • චරිතාපදාන (Biographies) - දේශීය සහ විදේශීය
  • ඡායාරූප (Photos)
  • ආඥාපනත් (Ordinance)
  • ව්‍යවස්ථාදායක නීති(Legislative Enactments)
අවසන් යාවත්කාලීන කිරීම 2014 අගෝස්තු 25 වෙනි සදුදා, 08:12  
කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.