ටයිම්ස් එකතුව අංකිතකරණය කිරීම
සිනමාව, ක්‍රීඩා, කලාව, දේශපාලනය, ආර්ථික කටයුතු, සංස්කෘතික කටයුතු සහ ආගමික කටයුතු සහ තවත් ක්ෂේත්‍ර රාශියක් පිළිබඳව ඉතා වැදගත් තොරතුරු ඇතුලත් ප්‍රධාන ජායාරූප එකතුවක් හා පුවත්පත් කැපුම් එකතුව "ටයිම්ස් එකතුව" ලෙස හැඳින්වේ. ටයිම්ස් ඔෆ් සිලෝන් ලිමිටඩ් නැමති ආයතනය විසින් මෙම වැදගත් තොරතුරු එකතුව සම්පාදනය කර ඇත. මෙම එකතුව 1846 සිට 1985 දක්වා කාළය තුළ සාමාජික, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික පසුබිම පිළිබිඹු කරන කැඩපතක් වැනිය. මෙම එකතුව අංකිතකරණය කිරීම ආරම්භ කර ඇති අතර මේ තුලින් මෙම තොරතුරු ආරක්ෂාවන අතර, එය ලොව පුරා පර්යේෂකයන්ට පරිශීලනය කළ හැකි වනු ඇත.
ජන්දහිමි නාම ලේඛන අංකිතකරණය
පළමුව යටත් විජිත ලේකම් කාර්යාලය සහ ඉන් පසුව මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ජන්දහිමි නාම ලේඛන සම්පාදනය කරන ලදී. එවකට ලියපදිංචි කළ ගෘහස්ථ අංක සහ නිවැසියන් මෙම ලේඛනවල ඇත. දිවයිනේ සියළු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 1931 සිට 1992 දක්වා ජන්දහිමි නාම ලේඛන රාශියක් ජාතික ලේඛනාගාරයෙහි තැන්පත් කර ඇත. ප්‍රථම අදියර ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ජන්දහිමි නාම ලේඛන අංකිතකරණය කිරීම ආරම්භ කර ඇත.
ටයිම්ස් එකතුව සහ ජන්දහිමි නාම ලේඛන අංකිතකරණය සහ දත්ත පදනම ස්ථාපනය
ව්‍යාපෘති මාතෘකාව | විස්තරය | පවත්නා කාලය |
ටයිම්ස් එකතුව අංකිතකරණය | විවිධ විෂයයන් ගැන පුවත්පත් කැපුම් සහ ජායාරූප වලින් සැදුම් ලත් ටයිම්ස් එකතුව අංකිතකරණය කරනු ලැබේ | මෙම වසර තුළ |
ජන්දහිමි නාම ලේඛන අංකිතකරණය | දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය කරන, 1931 සිට 1992 කාලය සඳහා වන ජන්දහිමි නාම ලේඛන විශාල සංඛ්‍යාවක් ජාතික ලේඛනාරක්ෂණාගාරයේ තැන්පත් කර ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ ජන්දහිමි නාමලේඛන ප්‍රථම අදියර වශයෙන් අංකිතකරණය කරනු ලැබේ. | මෙම වසර තුළ |
අනෝන්‍ය සංස්කෘතික උරුමයන් පිළිබඳ ව්‍යාපෘතිය
කාර්යයන්
අන්නෝන්‍ය සංස්කෘතික උරුමය පිළිබඳ ව්‍යාපෘතියේ ප්රතිලාභ
|
මහාචාර්ය. කේ.ඩී.පරණවිතාන මහතා |
ශ්‍රී ලංකා-නෙදර්ලන්ත ව්‍යාපෘති කණ්ඩායමට (2010) අයත් පිරිසකගේ ජායාරූපයකි. අන්‍යෝන්‍ය සංස්කෘතික උරුමයේ අධ්යක්ෂ (ජාතික ලේඛනාරක්ෂණ) රොලොෆ් හෝල්, ජාතික ලේඛනාගාර අධ්යක්ෂ ආචාර්ය සරෝජා වෙත්තසිංහ සහ අන්‍යෝන්‍ය සංස්කෘතික උරුමය පිළිබඳ ව්‍යාපෘති අධ්යක්ෂ ජින්නා ස්මිත් මහත්මිය ඇතුළු ව්‍යාපෘතියට සමිබන්ධ නිලධාරි පිරිස.